පන්ති කප්පාදුවට එරෙහිව ගමක් පාරට බසී


ඇල්පිටිය අම්පේගම වෑ නියරවල ගලහේන් කන්ද පාසලේ  හය හත පන්ති  ඉවත් කළැයි  මව්පියෝ  පාසල ඉදිරිපිට මහ පාර හරස් කැර  තෙපැයක විරෝධයක් පැවැත්වුහ.

ඇල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම් ඒ මානෙල් මහත්මිය එහි පැමිණ  සතියකින් විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළාය.

ඉන්පසු උද්ඝෝෂණය අවසන් විය.

වසර  අනු හතක් පැරැණි මෙම පාසලේ වසර තුනක සිට හය හත අට පන්ති අහිමි කිරීමෙන් ගමේ දරුවනට බලවත් අසාධාරණයක් වු බව මව්පියෝ කියති.