පදික වෙළෙන්දෝ දැරියක කෙළෙසති
මව සොයා බදුල්ලේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුමට ආ 14 හැවිරිදි දැරියක ත‍්‍රි රෝද රථයකින් ගල්කිස්සේ පාළු පෙදෙසකට ගෙන ගොස් කෙළෙසී යැයි කියන පදික වෙළෙන්දෝ දෙදෙනෙක් කොළඹ විරාම අධිකරණ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
දැරණියගල තංගරාජා චන්ද්‍රමෝහන් හා උඩුදුම්බර සුප්පයියා ශ්‍රීධරන් මත්පැන් බී දැරිය කෙළෙසා ඇතැයි ද උසාවියේදී කියැවිණි.

