පදවි ප‍්‍රාප්ති පාපැදි ශූරයන්ට තෑගි ප‍්‍රදානය අරලිගහ මන්දිරයේදී
ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ ජයග‍්‍රාහි ක‍්‍රීඩකයන්ට යොදාගත් ඉදිරි දිනකදී තෑගි ප‍්‍රදානය කරන බව එම පාපැදි සවාරිය සංවිධානය කළ ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක රුවන් නිෂාන්ත ද සිල්වා මහතා පවසයි.
අරලිගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් එහිදී ජයග‍්‍රහකයන්ට තෑගි ප‍්‍රදානය කිරීමට සැළසුම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි තරගාවලිය දින පහක් පුරා දිවයිනේ පළාත් ගණනාවක් ආවරණය කරමින් පැවැති අතර එහි ජයග‍්‍රහකයන්ට ප‍්‍රදානය කරන තෑගි මුදල රුපියල් ලක්‍ෂ තුනකි. දෙවැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා ද තවත් මුදල් තෑගි රැුසක් ප‍්‍රදානය කරන අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ 15 ක් වෙන්තර ඇතැයි තරග සංවිධායකයෝ පවසයි.

