පට්ටිපොළ ගින්න හෝර්ටන් තැන්න දෙසට
පට්ටිපොළ ඔහිය රක්ෂිතයේ හටගත් ගින්න හොර්ටන් තැන්න රක්ෂිතය දෙසට පැතිරීමත් සමග යුද, ගුවන්, පොලිස් හා වනසංරක්ෂණ සාමාජිකයෝ එක්ව ගින්න මැඩ පැවැත්වීමට මහත් වෙහෙසක් දරති.
අද සවස්වන විට ගින්න පැතිරෙමින් තිබිණි. දුම්රිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් වී ඇත. පට්ටිපොළ දී මේ ගින්න හටගත්තේ දින තුනකට කලිනි. හෝර්ටන් තැන්නට ගින්න පැතිරුණහොත් විශාල පරිසර හානියක් ඇතිවී ගෝනුන් හා දුර්ලභ වන සතුන්ටත් තර්ජනයක් වන බව නිලධරයෝ කියති.

