පට දරු විරෝධයට කිසිවෙක් ඇහුම්කම් නොදෙති


පිළිගත හැකි සාධාරණ සේවා  ව්‍යවස්ථාවක් උපාධිධාරීන් සඳහා ද, උසස්වීම් පටිපාටියක් සකසා සාධාරණ වැටුප් වැඩි වීමක් ද, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය සංවිධාන කළ විරෝධතාවක් කොළඹ ටොරින්ටන් හි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී අද පැවැත්විණි. බොරැල්ල කැම්බල් පිටියේ සිට අමාත්‍යංශය දක්වා  ඔවුහු ආහ.  අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ඔවුන් සමග  සාකච්ඡා කිරීමට නොපැමිණි නිසා ඔවුන් මහා පාරේ වාඩිවීම නිසා ටොරින්ටන්, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රධාන මංසන්ධි කීහිපයක දැඩි රථවාහන තදබදයක් ඇති විය.