පකිස්ථාන නාවික හමුදා ප්‍රධානි ලක් එයාර් චීෆ් මාෂල් හමුවෙයි


පාකිස්ථානයේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ජූනි 12 වැනි දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදුවිය. 

ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු  සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා පිළිබඳව ද සිහිපත් කැරිණි. මෙම හමුව අවසානයේ දෙරට අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.