(නිමල කොඩිතුවක්කු)
තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් , එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට දැනුම් දීමට නියමිතව තිබුණත් එම හමුව සඳහා කණ්ඩායමක් නොපැමිණි නිසා එම තීරණය දැනුම් දීමට නොහැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද(4) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
පක්ෂයේ සමගිය වෙනුවෙන් තමන් මෙම තිරණය ගත් බවත් පැවසූ මහලේකම්වරයා ඒ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම කැපකිරීමක් කිරිමට තමන් සූදානම් බවද කියා සිටියේය. එමෙන්ම කිසිදු හේතුවක් මත අලියා හැර වෙනත් ලකුණු වලින් තරඟ කිරීමට තමන් සූදානම් නොමැති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

