පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණයට දින නියම කිරීමට යයි


අංජුල මහික විරරත්න
 

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ තීරණයට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සිමානිර්ණ වාර්තාව පරාජයට පත්විමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා විසින් පත් කළ සීමානිර්ණ සමාලෝචන කමිටුවේ සභාපතිත්වය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.

දැනට සම්මත කර තිබෙන පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විම සඳහා සංශෝධන දෙකක් ගෙනවිත් උපලේඛන අනුමත කරගත යුතුව පවතියි.

මේ පසුබිම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විමට දැනට නීතියක් නොමැති ද යන්න කමිටු සාමාජිකයන්ගේ මතය වේ.

කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට අදහසක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් වෙත දැනුම් දි තිබේ.

පාර්ලිමේන්තු පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණය ගැන තිරණය පාර්ලිමේන්තුවට දැනුම්දිමට ද නියමිතය.