තමා පක්ෂ දේශපාලනයට එක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අද පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ‘ජනාධිපති තාත්තා‘ කෘතිය එළි දැක්වීමේ උත්සවය අමතමිනි.
‘රටේ පළමු වැනි පුරවැසියාගේ දරුවො වුණ අපිට මග තොට යද්දි අපිව රැස්කරගෙන අපි වටා හිඳිමින් අපිට ලබා දෙන පිළිගැනීම් සියල්ල හෙට දිනයේ තාත්තගේ තනතුරු නැතිව යන දවසට නැතිවී යන බව මා හොඳින් දන්නවා.
ඒ වගේම මම මේවිදිහට වැඩකරද්දි බොහෝ අය මගෙන් නිතරම අහනවා චතුරිකා ඔයා දේශපාලනයට එනවද කියලා. මම ඉපදුනේ දේශපාලනය වෘත්තිය කරගත් පියකුගේ වැඩිමහල් දියණිය ලෙසයි. නමුත් මම දකින දේශපාලනය, දේශපාලන ක්‍රියාවලිය පක්ෂ දේශපාලනය හෝ පාර්ලිමේන්තුවේ කරන බල අරගල දේශපාලනය හෝ නොවෙයි. මා දකින අදහන දේශපාලනය කියන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන්නා වූ සේවයයි. මට හැකි පමණින් මා මියෙනතුරා මා ස්වෙච්ඡා සේවිකාවක ලෙස සිදු කරන්නා වූ සේවය සිදු කරනවා. යැයි ද ඇය කීවාය.
ජනාධිපති තාත්තා ග්‍රන්ථය හිටපු ප්‍රධානීන්ගේ දියණිවරුන්ට පිළිගැන්වු අතර හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ දියණිය වන චන්ද්‍රිකා ඉරංගනී ගොපල්ලව, හිටපු අගමැති එස්.එඩ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායක මහතාගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ප්‍රේමදාස, හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ දියණිය චිත්‍රාංගනී විජේතුංග, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ දියණිය යශෝධරා කුමාරණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ දියණිය වන ඊශා විජේවීර යන දියණිවරුන්ට පොත පිරි නැමිණි.
044

