බණ්ඩාරගම ගෝනදුවේ උත්තරචේතියාරාමාධිපති මොරොන්තුඩුවේ සාරානන්ද හිමියෝ (78) අපවත් වුහ.සිව් දිගින් කොළඹට වැඩම කරන මහා සංඝරත්නයට ආගන්තුක සත්කාර සැලැසිමේ නමක් දිනා සිටි ඒ හිමියෝ කොළඹ මරදානේ පංචිකාවත්ත අභයසිංහාරාමයේ වැඩි කලක් වාසය කළහ.ඒ හිමියන්ගෙන් ගිලන්පස නොවැළදු හිමි නමක් මල්වතු පාර්ශවයේ නැති තරම්ය.
මල්වතු මහා විහාරයේ කර්මාචාර්යවරයෙකුද වු ඒ හිමියන්ගේ ආදාහන පුජෝත්සවය උත්තරචේතියාරාම විහාරස්ථ අදාහන මළුවේදී බ්‍රහස්පතින්දා (25) සිදු කිරීමට නියමිතය.


