ඡන්දදායකයන්ගේ ප්‍රශ්නවලට රහසින් සොයා බැලීම සඳහා සවස්වරුවේ කුලී රථ රියදුරකු සේ වැඩ කිරිමට නෝර්වේ අගමැති යෙන්ස් ස්ටොට්මන් තීරණය කරයි.
මිනිසුන්ගේ ජන ජීවිතය ගැන සැබෑ තොරතුරු දැනගැනීමට කුලී රිය හොඳ තැනක් බව අගමැති කියයි.
කුලී රියදුරු ඇඳුමකින් සැරැසී ලොකු අව් කණ්නාඩි පැළැද ගැනීමෙන් තමා කවුදැයි හඳුනාගත නොහැකි වන සේ එහි ගමන් කරන්නන් සමඟ කතා බහ කිරීම අගමැතිගේ උත්සාහයයි.
රියේ ගමන් කරන අය හා අගමැති අතර අදහස් හුවමාරුව වීඩීයෝ ගත කරන අතර තමා කවුදැයි අගමැති මඟීනට පවසනුයේ ගමනාන්තයේදීය.
ලබන සැප්තැම්බරයේ මහ මැතිවරණයටද ඔහුගේ මේ උපක්‍රමය උපකාරී වෙතියි කියති.
නෝර්වේ ඇගමැති වසර අටකින් වාහනයක් පදවා නැත.ඡන්දයෙන්ද ඔහු පසුපසින් සිටී.
ගජබා රජතුමාද රටවැසියන්ගේ දුක් ගැනවිලි සොයා බැලීමට වෙස් වළාගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වේ .