නොවිය යුත්තක් ගැන ජී.එම්.ඕ.ඒ කියයි


(ඩයනා උදයංගනී)

හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදුන්නේ රජයේ උපදෙස් අනුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.

නමුත් විය යුත්තේ රජයේ උපදෙස් අනුව එන්නත්දීම නොව සෞඛ්‍ය උපදෙස් අනුව රජය කටයුතු කිරීම බව කී වෛද්‍යවරයා මෙහිදී වී ඇත්තේ පරස්පර දෙයක් බවද සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ ගත් තාක්ෂණික තීරණ අනුව එන්නත්කරණ කටයුතු කළේ නම් සිදුවූ මරණ බොහොමයක් වළක්වා ගත හැකිව තිබූ බවද වෛද්‍යවරයා කීවේය.