(+++ රන්ජන් කස්තුරි)
නොරොච්චෝල ගල් අගුරු බලාගාරය රුපියල් කෝටි 69 ක් ගෙවා මාස තුනක පමණ කාලයක් තිස්සෙ අලුත්වැඩියා කළද යළි ආරම්භ කොට දින 10කින් එය නැවත ක්‍රියා විරහිත වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පළමු අදියරේ මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රය ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට නතර කර මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කළ අතර මෙම මස 04 වැනි දින යළි ක්‍රියාත්මක කෙරිණි.
එහෙත් එම බලාගාරය මෙම මස 14 වැනි දින නැවත ක්‍රියාවිරහිත වී තිබේ.
එම අලුත්වැඩියා කටයුතු සඳහා චීන සමාගමකට ලංකා විදුලිබල මණ්ඩලය ඩොලර් මිලියන 3.8 ක මුදලක් ගෙවා ඇතැයි එම ආරංචි මාරග සඳහන් කළේය.
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ මෙගාවොට් 300 ක එම ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා අතිරේකව ගිගාවොට් පැය 6 ක විදුලියක් ජනනය කිරීම ජල විදුපි බලාගාරවලින් කෙරෙන බවද ලංවිම ආරංචි මාර්ග කියයි.
මේ අතර දැඩි වියළි කාලගුණ තත්වය නිසා ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රෙයන් පහත වැටෙමින් තිබෙන බවද එම ආරංචි මාර්ග පැවසීය.

