(ඩයනා උදයංගනී)
හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය අලුත් වැඩියා කර අද (25) යළිත් විදුලි උත්පාදන කටයුතු සඳහා යෙදවූ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.
මෙම විදුලි උත්පාදන යන්ත්‍රයෙන් අද (25) පස්වරුව වන විට මෙගාවොට් 100 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරමින් තිබූ බවත් එය ක්‍රමානුකූලව උපරිම විදුලි උත්පාදන ධාරිතාව වන මෙගාවොට් 300ක් නිපදවීමේ තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු බලාගාරය බිඳ වැටුණු අවස්ථාවේදී මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ඒ ගැන සොයාබලා කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව එම නිලධාරියා කීවේය.
එම බලාගාරයේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ඇතැමුන් පැවසුවද එවැන්නක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මේ වන විට නැතැයි ද හෙතෙම කියා සිටියේය.
බලාගාරයේ විදුලි උත්පාදන යළිත් ක්‍රියාත්මක බැවින් පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

