( නාලක සංජීව දහනායක)
තාක්‍ෂණික ක‍්‍රමවේදයන්ට හා පරිසර නියමනයන්ට අනුව නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (17) බලධාරීන්ට උපදෙස් දුන්නේය.
නොරොච්චෝලේ විදුලි බලාගාරය නිරීක්‍ෂණය කිරීමට විදුලිබල අමාත්‍යවරයා, ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමුකරන බව කී ජනාධිපතිවරයා තමන්ද හැකි ඉක්මනින් එහි පැමිණ ආගමික නායකයන් හා ප‍්‍රදේශයේ ජනතාව සමඟ මෙම ව්‍යාපෘතිය පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කරන බවද කීය.
අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ හා හලාවත රදගුරු හිමියෝ සහ ප‍්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදී ජනාධිපතිවරයා සදහන් කර සිටියේ රටේ වේගවත් සංවර්ධනයට බලශක්තිය තීරණාත්මක සාධකයක් බව කී ජනාධිපතිවරයා කඩිනමින් විකල්ප බලශක්තිවලට යොමුවීමේ වැදගත්කමද අවධාරණය කළේය.
විකල්ප බලශක්තිය අවම වියදමකින් උත්පාදනය කළ බව කී ජනාධිපතිවරයා පරිසරයට හා ජනතාවට හානියක් සිදුවෙනාවන ආකාරයට ඒවා සිදුකළ යුතු බවද කීය.
සංවර්ධන ක‍්‍රියාදාමයේදී දූෂණය හා වංචාව පිටුදැකීම සදහා විශාල අරගලයක නිරතවීමට සිදුව තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. විදෙස් ආයෝජන අනුව සිදුකළ ව්‍යාපෘතිවලදී පසුගිය කාලයේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් උන්වහන්සේ එහිදී කණගාටුව පළ කළහ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දැනට ක‍්‍රියාත්මක අදියර තුනෙන් මෙගාවොට් 900ක විදුලියක් උත්පාදනය කරනු ලබයි. එහි සිව්වැනි අදියර පිළිබදව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැත.
වසර 2030 වනවිට රටේ සමස්ත බලශක්තියෙන් සියයට අසූවක ප‍්‍රමාණයක් පුනර්ජනනීය මූලාශ‍්‍රවලින් උත්පාදනය කිරීමට අවශ්‍ය පසුවිපරම අඛණ්ඩව සිදුකරන ලෙසට ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත.


