නොමනා හැසිරීම ගැන පරීක්‍ෂණ කි‍්‍රකට් ආයතනයෙන් විනය කමිටුවට
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පරිශ‍්‍රයේදී පසුගියදා සිදුවූ නොමනා කි‍්‍රයාව සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් බාර දෙන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක සභාව පෙරේදා (18 වැනිදා) එහි විනය කමිටුවට උපදෙස් දුන්නේය.
සිද්ධියේ බරපතළ තත්ත්වය විශේෂයෙන්ම සැලකිල්ලට ගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්‍ෂණයේ වාර්තාව මේ මස 27 වැනි සඳුදාට පෙර බාර දෙන ලෙසද විනය කමිටුවට උපදෙස් දී තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව සැණෙකින් කි‍්‍රයාත්මක වී ඇති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීහු එහි විධායක සභාවේ හදිසි කැඳවීමක් පෙරේදා පෙරවරුවේදී පැවැත්වීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය, එහි කීර්ති නාමයට හානිකර විය හැකි එවන් නොමනා කි‍්‍රයා කිසි සේත්ම සුළුකොට නොතකන බවත්, යම් හෙයකින් චෝදනාවන්ට අදාළ පුද්ගලයන් වරදකරුවන් බව සනාථ වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් තදබල කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවත් නිවේදනය කරයි.
එලෙසම මෙම චෝදනාවට සම්බන්ධ පාර්ශ්වයන් නිර්දෝෂී බව හෙළිදරව් වුවහොත්, එවන් චෝදනා ඉදිරිපත් කළ අය විනය කමිටුව හමුවට පැමිණවීමට පියවර ගන්නා බවත් එම මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය අද (20 වැනිදා), පැවැත්වීමට නියමිත බවත්, ඒ වෙනුවෙන් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට තවත් පාර්ශ්වයක් සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් අදාළ සිදුවීම සියැසින් දුටු තැනැත්තා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අයතනයේ උසස්ම නිලධාරියකු හමුවේ සමස්ත සිදුවීමම මේ වන විටත් හෙළිදරව් කර ඇතැයිද කියැවේ.
මෙම සිදුවීමට සමබන්ධයෙන් චෝදනා ලැබූවන් අතර විදේශිකයකුද වන එහෙයින් එම විදේශිකයා නියෝජනය කරන රටේ සහ සමාගමේ හොඳ හිත තබා ගැනීම පිණිස අදාළ සිදුවීම යට යාමට ඉඩ ඇති බවත් කියැවේ. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළම මට්ටමේ නිලධාරීන් අතර මෙතෙක් පැවැති සීතල යුද්ධය කරළියට ආ හැකි බවත් තතු දන්නෝ වැඩි දුරටත් පවසති.
නියෝජ්‍ය පොලිස්පති කැමිලස් අබේගුණවර්ධන සහ ජනාධිපති නීතිඥවරුන් වන පාලිත කුමාරසිංහ සහ ඩිනාල් පිලිපිස් යන මහත්වරු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනය කමිටුවේ සාමාජිකයෝ වෙති

