නොදරුවා ගල් පහරින් මරුට


බදුල්ලේ කිතලවත්ත දෙමළ විද්‍යාල භූමියේදී කාන්තාවකගේ ගල්පහරින් තුවාල ලැබූ හය හැවිරිදි පාසල් දරුවකු බදුල්ල රෝහලේදී මිය ගිය බව පොලීසිය කියයි. කිතලවත්ත ඇල්ලේ ශිවකුමාර් මනෝජ්ගේ මරණය සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.