(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.
විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ මහාචාර්ය රාහුල අතලගේ , විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ රත්නසීල සහ සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ය.
විදුලිය කප්පාදු නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබියදී විදුලිබල මණ්ඩලය ඉකුත්දා 03 වැනිදින රටපුරා ප්‍රදේශ රැසක පැය දෙකක විදුලිය කප්පාදුවක් කර තිබිණි.

