නොතීසි නිකුත් කළ හේතුව උසාවිය කියයි
කතානායක ඇතුළු තේරීම් කාරක සභාවට ඒකමතිකව නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරනුයේ හුදෙක් නීතීමය අවශ්‍යතාවක් මත යැයි ද, අනෙක් පාර්ශ්වයට ද ඇහුම්කන් දීමේ ඉඩ කඩ සලසා දීමේ නීතිමය සංකල්පය අනුව යැයි ද අභියාචනාධිකරණ විනිසුරුවරු ප්‍රකාශ කළහ.
ඔවුන් එසේ ප්‍රකාශ කළේ කතානායක මීට කළින් කළ එවැනි තීරණයක් උපුටා දක්වමිනි. ඒ තීරණයේ දැක්වෙනුයේ තමාට හා තේරීම් කාරක සභා කමිටු සාමාජිකයනට උසාවියෙන් නිකුත් කළ නොතීසි වලංගු නොවන බවයි. එයින් කිසිම නීතිමය ප්‍රතිවිපාකයකට තමා හෝ කමිටුව ලක් නොවන බවයි.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ පෙත්සම විභාග කර අවසන් වන තුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තවත් පියවරක් නොගනු ඇතැයි ද, පෙත්සම්කාරියගේ අයිතිවාසිකම්වලට හානියක් නොකරන ලෙස අදාල බලධරයන් උපදෙස් දිය යුතු යැයි ද, එම තත්ත්වයේ වෙනසක් ඇති වුවහොත් එයින් අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමට හැකියැයි ද ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ පෙත්සම ජනවාරි 3 වැනි දිනට කල් දමමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය.
තමා වැරදිකාරිය කරමින් දෝෂාභියෝගය කතානායකට බාර දුන් දෝෂාභියෝග තීන්දුව අහෝසි කරන ලෙස සර්ෂියොරාරි ආඥාවක් හා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අගවිනිසුරුවරිය මේ පෙත්සමෙන් ඉල්ලා සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 විධි විධාන යටතේ එසේ කරන ලෙස ද ඇය ඉල්ලා සිටී.

