නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය


(තරිඳු ජයවර්ධන සහ රංජන් කස්තුරි)

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.

වයඹ, මොරටුව සහ සබරගමුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේ වැඩකටයුතු  සිදුවෙමින් පවතින බවත් රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට නියමිත බවත් ඇමැතිවරයා පැවසීය.

මේ අතර සයිටම් ආයතනය පුන්‍යායතනයක් ලෙස හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාම  හෝ 51%ක් රජයට තබාගෙන ඉතිරි 49% කොටස් වෙළඳපොළට දැමීම යන කරුණූ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා කීවේය.