නූපන් දරුවන් මරණ තැනක් අල්ලයි


රුපියල් 15000ක් අයකර ගබ්සා සිදුකරන මධ්‍යස්ථානයක් වටලා හොර වෛද්‍යවරයකු, ඔහුගේ බිරිය හා පුතා ද ගබ්සාව කර ගැනීමට ආ දෙදරු මවක ද ඇතුළු හත් දෙනෙක් බෙලිඅත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. බෙලිඅත්තේ විස්කම්පුර පිහිටි මෙම මධ්‍යස්ථානයෙන් දවසකට ගබ්සා හතරක් පමණ සිදුකරතියි පොලිසිය කියයි. බෙහෙත් කලවම් කරන්නකු බව කියන හොර දොස්තර සමග පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක හෙදියක බව කියන කතකද හවුල් වී ඇතැයි ද කියති.