(සුජිත් හේවාජුලිගේ )
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත .
ඔහු මේ නියෝගය කර ඇත්තේ රටේ පවතින ආහාර ප්‍රශ්නය සැලකිල්ලට ගෙනය.
බලපත්‍ර ලබාගෙන කොස් ගස් කැපීමද මේ අනුව මින් ඉදිරියට කළ නොහැකිවනු ඇත.
කෙසේ වෙතත් යම් අනතුරක් සිදුවීම වැළැක්වීමට කොස් ගසක් කැපීමට අවශ්‍යනම් ඒ සඳහා පමණක් අවසර ලබා දෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ලංකාදීපයට පැවසීය