නුවර වැවට වතුර වැඩියි
අනුරාධපුරයට අද අළුයම සිට එක දිගටම වාගේ පවතින වැසි සමග නුවර වැවේ වාන්දොරටු හතරක් අගල් හය බැගින් එසවූ බව කියන වාරි ඉංජිනේරුවරු නාච්චදූව නුවර වැව ඇල මාර්ගය වසා වැඩි වතුර පාලනය කිරීමට සැරසෙති. මේ සදහා නාවික හමුදාවේ සහායද ලබා ගැනීමට යයි. නාච්චදූව වැවේ දොරටු හයක් විවෘත කර ඇත. රාජාංගන වැවේද දොරටු දෙකක් අඩි හතර බැගින් ඔසවා ඇත. නාච්චදූව වැවේ වැඩි වතුර මල්වතු ඔයට හරවා ඇත. මේ අනුව මල් වතු ඔය ජල මට්ටම වැඩි විය හැකි බව ඉංජිනේරුවෝ කියති.

