මහනුවර මහ රෝහලේ 73 සහ 74 ස්නායු ශල්‍ය වාට්ටු දෙක තරු පහේ හෝටලයක් වැනිය.
ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී.ලෙස්ලි සිරිවර්ධන මහතාගේ උත්සහයෙන් එය සංචාරක හෝටලයක් තරම් පිරිසිදුය, ප්‍රසන්නය.
එහි වැසිකිළි, කැසිකිළි ආදියේ සිට වාට්ටුවේ ඇඳන්, ලොකර් මෙන්ම කෑම මේසය දක්වා ඇත්තේ විශ්ෂ්ට නිමාවකි. වරත් දුටුවිට තව කිහිපවරක් බලන්නට හිතේ.
මෙම වාට්ටු වල පොළව හා බිත්තිද සුපිරි පිඟන් ගල් අතුරා ඔප දමා නිරන්තරව පිරිසිදු කැරෙයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලීත මහීපාල සහ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ.රත්නායක මහත්වරුන්ද මෙම තත්ත්වය ඉහලින් අගය කළහ.
සිනමා නළු සනත් ගුණතිලක මහතා මෙම වාට්ටුවට පැමිණි අවස්ථාවක ලොග් පොතේ මෙසේ ලියා ඇත ‘‘ජීවිතයේ ප්‍රථම වරට රෝහලේ වාට්ටුවක් දකිනු වෙනුවට නැරඹුවෙමි. මේ තැන ඒ තරම්ම සුන්දරය‘‘
රෝගීන්ගේ මානසික සුවය හා තැන්පත්බව, මෙන්ම වෛද්‍ය , හෙද හා අනිකුත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට වඩා හොද මානසික තත්ත්වයකින් යුතුව කටයුතු කිරීමට සුදුසු උසස් පරිසරයක් ගොඩනඟා තිබීම ගැන වාට්ටු භාර වෛද්‍ය තුමන්ට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, මෙම වාට්ටු දෙක මේ අයුරින් විශිෂ්ට ලෙස පවත්වා ගැනීමට සහාය දෙන වෛද්‍ය, හෙද, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද අගය කරන බව වාට්ටු භාර හෙද සොහොයුරිය එම්.එම්.එච්.රංජනී මාරසිංහ මහත්මිය කියන්නීය.
ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී.ලෙස්ලි සිරිවර්ධන මහතා පැවැසුවේ ගතානුගතික රෝහල් සම්ප්‍රදායෙන් බැහැරව, රෝගීන්ටද, කාර්ය මණ්ඩලයට මෙන්ම මෙම වාට්ටුවට යන එන්නන්ටද, මෙම වාට්ටු පරිශ්‍රය වඩා සුපිරිසිදු, සොඳුරු බවක් බවට පත් කිරීම සදහා තමන් දැරූ උත්සහයට රෝහලේ අනෙකුත් වෛද්‍ය,හෙද හා කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය එක සිතින්ම අගය කරන බවයි.
ස්නායු රෝගින්ගේ ඉක්මන් සුවයට වඩා හොඳ පිටුවහලක් වන යහපත්, සුවදායක, පරිසරයක් ගොඩ නැගීම සඳහා තම හිතවතුන්, සුවපත් රෝගින්, පරිත්‍යාගශිලින් විසින් පිරිනැමුණ රුපියල් කෝටියකට ආසන්න මුදලක් මේ සදහා වැය වූ බව වෛද්‍යවරයා කියයි.
මෙම තත්ත්වය රැක ගැනීම මෙන්ම ඉදිරියේදී මෙම වාට්ටු දෙක පවිත්‍රව තබා ගැනීම හා නඩත්තු කටයුතු සදහා කිසිවකු හා යම් ආයතනයක දායකත්වය අත්‍යවශ්‍ය බවද වෛද්‍ය සිරිවර්ධන අවධාරණය කරයි.















