නුවර එළියටත් මහ වැසි


ඉරිදා සවස සිට එක දිගට පැවැති මහා වැස්සෙන් නුවරඑළිය හයිෆොරස්ට්, වලපනේ, පදියපැලැල්ල, මතුරට, නුවරඑළිය නානුඔය පාර සහ නුවරඑළිය වැලිමඩ මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටුනේය.අවහිර වූ මාර්ග යළි ගමනා ගමනයට පත් කළ බව නුවර එළිය අතිරේක ‍දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර මහත්මිය කියන්නීය.