(ඩී.ජී.සුගතපාල)
හිනිදුම දකුණ පිහිටි නුගගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන යාලගල සුමණජෝති හිමියන්ට නාඳුනන පුද්ගලයෙකු අද (26) භූමිතෙල් පොවා හිරිහැර කර ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.
උන්වහන්සේ අසල්වැසි පුද්ගලයෙකු සමග ගොස් හිනිදුම රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මෙම හිමියන්, ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින තවත් හිමි නමක සමග අමනාපයෙන් පසුවන අතර එම හිමියන් සේනාසනයෙන් පිටත්කර යැවීම සඳහා මෙය කරන්නට ඇතැයි සැක කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ආරණ්‍යය අසළ පදිංචිකරුවෙකු සැක කරන බවට පැමිණිලිකාර හිමියන් පොලිසියට පවසා තිබේ.
හිනිදුම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර දුනුවිල මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

