නු'එළි බදුලු පාරට ගල් කුළු


නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසළ මහපාරට ගල් කඳු කඩා වැටීමෙන් පාර අවහිර වී තිබේ. අධික මීදුමද ගලා ඇති නිසා පාර එළි පෙහෙළි කිරීමේ කටයුතුවළට බාධා පැමිණ ඇත. අද සවස් වන තුරු පාර යළි විවෘත කිරීමට නොහැකිවෙතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

මතුවී ඇති ගල් පර්වතද ඉවත් කර පාර යළි පිළිසකර කරන ලෙස විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඔහු ඉල්ලයි.