අම්පාරේ ලාහුගල හැඩඔයට නුදුරින් මහ වන මැද පිහිටි නිලගිරි චෛත්‍ය පුරාණයේ කුලබරිය චෛත්‍ය විය හැකි යැයි එහි ඊසාන දෙසින් හමු වු ගිරි ලිපියක සඳහන් වෙතියි නීල ගිරි ස්ථානභාර පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී සංජීව සම්පත් ගුරුසිංහ මහතා කියයි.
නීලගිරි සෑයේ කැණිම් 2011 දී ඇරැඹිණි.නීලගිරියට මීටර් පන්සීයක් ඊසාන දිගින් හමුවු ගිරි ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර වලින් පැවසෙනුයේ කුලබරිය මහා විහාර යනුවෙන් දා ගැබක් එහි තිබු බව යැයි ඔහු කියයි.
කි.ව තුන්වැනි සියවසේ පමණ එම සෙල්ලිපිය ලියන්නට ඇතැයි ඔහු කියයි.