නීතීවේදියාට නින්දා කිරීම සමථයකට


බොදු බල සේනාවේ මහ ලේකම්  ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් අලුත්කඩේ උසාවිය අසලදී නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට නින්දා සහගත ලෙස බැන නින්දා කළැයි කියන සිද්ධිය දෙපාර්ශවයේ එකඟත්වයෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේදී අද (01) සමථයකට පත්  විය.

මහේස්ත්‍රාත්වරයා  ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට තරයේ අවවාද කළේය.

 කුරාණයට අපහාස කළැයි  ද වටරැක විජිත හිමියනට  බැන වැදුණැයි ද කියන සිද්ධි පිළිබඳ නඩු දෙක ජනවාරි 26 වැනිදාට කල් තැබිණි.