නීතීඥ සංගමය කනස්සල්ල පළකරයි
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් මතුවෙමින් පවත්නා කරණය ගැන කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කතානායක චමල් රාජපක්ෂ මහතා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට තීරණය කරයි.
එහි විධායක සභාව ලබන බදාදා විශේෂ රැස්වීමක් පවත්වා කතානායක සමග සාකච්ඡාවේ ප්‍රතිඵලය ගැන සාකච්ඡා කර ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය ගැන තීරණයක් ගන්නා බව ද, සංගමයේ මහා සභා රැස්වීමක් ලබන 10වැනිදා පැවැත්වීමට තීරණය වූ බව ද එහි සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ලේකම් නීතීඥ සංජය ගමගේ නීවේදනයක් නිකුත් කරමින් කියයි.

