නීතී විරෝධිව රැගෙන ආ දුම්වැටි සමඟ ලාංකිකයෙක් කටුනායකින් අල්ලයි


(ටී.කේ.ජී.කපිල )
 
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (20)  අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මොහු මොරටුව ප්‍රදේශයේ පදිංචි , 31 හැවිරිදි වියේ පසුවන , එම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන පේස්ට්‍රි අරක්කැමියෙකි .

ඔහු අද (20)  ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මලු දෙකක , මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි වර්ග දෙකකට අයත් , රුපියල් 11,38,000 ක් වටිනා දුම්වැටි 22,760 ක් අඩංගු  දුම්වැටි කාටූන් 114 ක් සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා  සදහන් කළේය .