නීතිවේදිහු හත්දෙනෙක් ඇමැති රිෂාඞ්ට නඩු දමති
මන්නාරම මහේස්ත‍්‍රාත්ගේ නඩු තීන්දුවක් වෙනස් කිරීම සඳහා දුරකථනයෙන් තර්ජනය කර එසේ නොකළ නිසා මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගල් මුල් වලින් පහර දීමට ජනතාව සංවිධානය කළැයි කර්මාන්ත අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව නීතිඥවරු හත් දෙනෙක් (අද) 25 අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.
එම පෙත්සම මඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ අමාත්‍යවරයා උසාවියට අපහාස කිරීමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි.
ජනාධිපති නීතිඥවරුන් වන ශ්‍රීනාත් පෙරේරා, ජෙෆ්රි අලගරත්නම් හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සුනිල් කුරේ, ලාල් විජේනායක, චන්ද්‍රපාල කුමාරගේ, ඊ.සී.ෆෙල්ඩානෝ, නලනි කේ. වනතුංග යන නීතිවේදීහු එම පෙත්සම ගොනු කළහ.

