(රංජන් කස්තුරි)
නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
2002 අංක 05 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් නීතිපතිවරයා ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

