නීතිඥයාට පහරදුන්නැයි ප්‍රා සභා මන්ත්‍රීට ඇප
කෝට්ටේ රජ මහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමිත් ආර් සිල්වා මහතාට ගංගොඩවිල උසාවිය අසලදී පහරදුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලකී ධර්මසේන ඇප මත මුදාහරින ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා නියෝග කළේය.
විතාරන්දෙනියේ නන්ද නම් හිමි නමක්ද තවත් හිමි නමක්ද මේ සිද්ධියට සම්බන්ධ බව අධිකරණයේදී සඳහන් විය.

