නීතිඥයා යළි රිමාන්ඩ්


මීරිගම හල්පේ මැඩිකැලේ වත්තේ අක්කර 16ක් හොර ඔප්පුවකින් විකිණී යැයි රිමාන්ඩ් කැර සිටි නීතිඥ හා නොතාරිස් ඒ සිරිතුංග සිල්වා යළි රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කෙළේය. කොල්ලුපිටියේ ප්‍රෙමිලා පීලික්ස් දහනායක මහතාගේ ඉඩමක් එසේ හොර ඔප්පු හදා විකුණා ඇතැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.