නීතිඥ හබය සමථ මණ්ඩලයට
ලක්බිම ඉංග්‍රිසි පුවත්පතේ කර්තෘට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නීතිඥ සාදයකදී නීතිඥ අශෝක සමරරත්න පහර දෙන ලදැයි කියන සිද්ධිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොළඹ සමථ මණ්ඩලයට යොමු කෙළේය. දෙපාර්ශවයටම ලබන සෙනසුරාදා එහි පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි. නීතිඥ රාජ්පාල් අබේනායක මහතා ඇරියුමක් නොමැතිව එම සාදයට ගොස් සිටි බවට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයි නඩුවේ දී කියැවිණි.

