නීතිඥ හබය යළි උසාවියේ


ලක්බිම නිවුස් පත්‍රයේ හිටපු කර්තෘ රාජ්පාල් අබේනායකට නීතිඥ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී පහරදුන්නැයි කියන නීතිඥ අශෝක සෝමරත්නට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොල්ලුපිටිය පොලිසියටනියෝග කෙළේය.  මේ සිද්ධිය සමථ මණ්ඩලයෙන් බේරුම්කැර ගත නොහැකි බව පොලිසිය පැවැසූ විට මහේස්ත්‍රාත් එම නියෝග කෙළේය. අබේනායක මහතා එම සාදයට බලෙන් පැමිණි බව සෝමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද  මහතා පැවැසීය. ඊට අදාල වාර්තාව ඊළඟ නඩු දිනයේ දී ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කෙළේය.