නීති ශිෂ්‍ය දොස්තර යළි රිමාන්ඩ්


කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනිය වූ යශෝධරා කදිරගාමර් තම්බි මහත්මියට පිහියෙන් ඇන බරපතල තුවල කළැයි කියන නීතී ශිෂ්‍ය දොස්තර ශිවඤානසුන්දරම් සුරේන්ද්‍රජිත් ලබන 16 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.

සැකකරුට ඇප ඉල්ලූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප ක‍ළේය.

ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබයි. වෛද්‍ය වාර්තාවෙන් කියැවෙනුයේ ඔහු හොඳ මානසික තත්ත්වයකින් සිටින බවයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී මානසික පීඩනයක් ඇතිවී තමාට හානිකර ගැනීමට හෝ අන් අයට හානි කිරීමට හෝ පෙළෙඹීමට ඉඩ ඇතැයි එහි සඳහන් වේ.

නීති පීඨාධිපතිනිය තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද අදිකරණයේදී කියැවිණි.