(ලහිරු හර්ෂණ සහ මනෝප්‍රිය ගුණසේකර )
ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට පෙනී සිටින එම ආයතනයහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබා දෙමින් සිටී.
මෙම ආයතනයන්හි සිදු බව කියන විවිධ අක්‍රමිකතා දුෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් විවිධ ප්‍රකාශ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබු අතර ඒ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය දැනගැනීම සඳහා කොමිසම මගින් ඔවුන් කැඳවා තිබේ.
උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සාක්කි ලබා දීම සඳහා පැමිණ ඇති අතර මේ වන විටත් ඔවුන්ගෙන් සාක්කි සටහන් කරගනිමින් පවතී.
2006 ජනවාරී මස පළමුවැනිදාත් 2008 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)