නිවාස සංකීර්ණයකින් ලක්ෂ 5ක තඹ බට කපයි


(ඩී.ජී.සුගතපාල)

දඩල්ලේ නිවාස සංකීර්ණයක වායු සමීකරණ පද්ධතියෙන් රුපියල් 543,000ක් පමණ වටිනා තඹ බට කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකි.
 
ඉදිකරගෙන යනු ලබන තට්ටු 13කින් යුත් ගොඩනැගිල්ලක් වන මෙයට අවස්ථා කිහිපයකදී ඇතුළු වූ සැකකරු තඹ බට මීටර් 317ක ප්‍රමාණයක් කපාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
 
වැඩ බිමේ කළමනාකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු අද(03)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.