නිවාස කොන්ත්‍රාත්කරු රිමාන්ඩ්
නිවසක් තනාදීමට පොරොන්දු වී රුපියල් 35 ලක්ෂයක් වංචා කළැයි කියන කොන්ත්‍රාත්කරුවකු ලබන 7වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
කැලණිය දළුගම ඉදිකිරීම් සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂ බව කිය දොන් මිගාර සංජීව එසේ රිමාන්ඩ් කරනු ලැබීය.
නිවෙස බාගෙට ඉදි කර ඇති බවත්, එහි කිසිම ප්‍රමිතියක් නැති බවත් මේ කොන්ත්‍රාත්කරුට එරෙහිව වැලිවේරිය හා කිරිබත්ගොඩ පොලීසිවලට තවත් පැමිණිලි ලැබී ඇති බවත් මොරටු පොලසිය අධිකරණයට දැන්වීය.

