නිව්යෝක් රණසිංහ මාවත විවෘත වෙයි


ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් දැනට වසර එකහමාරකට පෙර නිව්යෝක් නුවර පොලිස් රථවාහන දෙපාර්තමේන්තුවේ සේවය කළ කල්‍යාණ රණසිංහ මහතා වෙනුවෙන් ඒ මහතා පදිංචිව සිටි බ්‍රොන්ස්හි මාර්ගයක් ‘කල්‍යාණ රණසිංහ මාර්ගය‘ යනුවෙන් නිව්යෝක් නගර සභාව පසුගියදා නම් කළේය.

මෙ උත්සවයට නිව්යෝක් නිව්ජර්සියේ විහාරස්ථානවල සංඝරත්නයද වැඩම කළහ. නිව්යෝක් නියෝජ්‍ය නගරාධිපති නිව්යෝක් පොලිස් කොමසාරිස් හා නිව්යෝක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝද ඊට එක්වූහ.

රණසිංහ මහතා සේවයේ යෙදී සිටියදී රිය අනතුරකින් මිය ගියේය.

IMG_2637 IMG_2641 IMG_2705 IMG_2714