නිවසේ නිරෝධායන වන අයට හදිසි ඇමැතුම් අංක


(නිමන්ති රණසිංහ)

කෝවිඩ් රෝගින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස්වල කළමණාකරණය සඳහා යොමුකිරීමේ නව ක්‍රවේදයක් අද (19) සිට ආරම්භ කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

1904 යන අංකය ඔස්සේ කෙටි පණීවුඩ සහ දුරකතන ඇමතුම් මගින් මෙම ක්‍රමවේදය බස්නාහිර පළාත සදහා පමණක් ක්‍රියාත්මක වන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සදහන් කරන්නේ, කෝවිඩ් 19 වැළැදුන රෝගීන් පහත විස්තර ඇතුළත් කෙටි පණීවිඩයක් 1904 අකයට යොමු කළ යුතු බවය.

අ). රෝග තත්ත්වයේ ස්වභාවය

1). ශ්වසන අපහසුතා ඇති රෝගීන් - A

2). උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් - B

3). කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් - C

ආ). වයස

ඇ). ජාතික හැදුනුම්පත් අංකය

ඈ). ලිපිනය

එස්.එම්.එස් පණීවිඩ මගින් ලැබෙන තොරතුරු කෝවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය මගින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සදහා වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කරනු ලබන බව ද එම මධ්‍යස්ථානය සිය නිවේදනයේ සදහන් කර ඇත.

රෝගීන් ලබා දෙන තොරතුරු වර්ගීකරණය කර දුරකතන අංක 247 අංකය මගින් සම්බන්ධ වී රෝගී ත්ත්තවය නිශ්චය කර අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන අතර ඒ සදහා ගිලන් රථ සේවා සහ අනෙකුත් ප්‍රතිකාර පහසුකම් සපයනු ලබන බව ද එම නිවේදනයේ සදහන් වෙයි.

නිවෙස් නිරෝධායනයට යොමු කරවන රෝගීන්ට වෛද්‍ය කණ්ඩායමක් දුරකතන මාර්ගයෙන් නිරතුරුවම සම්බන්ධ වී අවශ්‍ය සේවා ලබා දෙනු ඇති අතර මේ සදහාම පමණක් වෙන් කොට ඇති දුරකතන අංක 1390 හරහා එම පහසුකම සලසනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.