(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට අයත් බව කියන ඇල්පිටිය කැටපළ නාගහතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක අද පෙරවරුවේ සිදුවී ඇති පිපිරීමකින් එම ව්‍යාපාරිකයා තුවාල ලබා ඇති අතර එම නිවසටද දැඩි අලාභහානි සිදුවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙම නිවස එම ව්‍යාපාරිකයාගේ බිරිඳගේ මහගෙදර බවත් එම පියා කලකට පෙර මියගොස් ඇති බවත් ඉන්පසු එම මව සහ ඇයගේ නැගණියක් මෙම නිවසේ ජීවත්ව ඇති බවත් කියති.පසුගිය දිනවල මව අසනීපවීම නිසා ඇය මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ ජීවත්වන බවත් කියයි.
මෙම නිවසට එම ව්‍යාපාරිකයා සහ බිරිඳ අද පෙරවරුවේ පැමිණ ඇති අතර එසේ පැමිණ සිටියදී මෙම පිපිරීම සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
පිපිරීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා රෝහල් ගත වී ඇති අතර නිවෙස්වලටද අලාභහානි සිදුවූ බවත් අසල්වාසිහූ පවසති.