(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වල්බෝලාන ප‍්‍රදේශයේ නිවසක හටගත් හදිසි ගින්නකින් නිවසක් හා එහි තිබූ දේපල සියල්ල විනාශ වී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුවී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
නිවස දෙසින් ගින්නක් හටගන්නා ආකාරය අසල්වාසීන් දැක ඇතත් මෙම ප‍්‍රදේශය ජල හිඟයෙන් උග‍්‍ර ලෙස පීඩා විඳින ප‍්‍රදේශයක් වීම හේතුවෙන් ඔවුන්ට කරගත හැකි දෙයක්ද තිබී නැත. අසල්වාසී තරුණියක ප‍්‍රකාශ කළේ සියල්ල සිදුවන්නට පැය භාගයක්වත් ගත නොවු බවයි.
නිවැසියන් පස් දෙනා කිසියම් අවශ්‍යතාවයකට නිවසින් පිටව ගොස් සිටීම නිසා ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඇඳි වත පමණකි.
වහළය සම්පූර්ණයෙන්ම විනාශ වී බිත්ති සියල්ල පුපුරා විනාශ වී තිබිණි. පාසල් සිසුවියගේ පොත්පත් පාසල් උපකරණ නිල ඇඳුම් සියල්ලද නිවසේ තිබූ සියලු වටිනා නොවටිනා උපකරණ සියල්ලද මෙයින් විනාශ වී ඇත. නිවසේ පුත‍්‍රයා යතුරු පැදියක් මිලදී ගැනීම සඳහා එකතු කරගෙන තිබූ රුපියල් ලක්ෂයකට වැඩි මුදලක්ද ගින්නෙන් වීනාශයට පත්ව ඇති බව මෙහිදී දැන ගන්නට ලැබිණි.
ආරක්ෂිතව තිබූ රන් බඩු උණු වී තිබිණි. ගම්පහ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීහු ස්ථානීය පරීක්ෂයක් පැවැත්වූහ. විදුලි කාන්දුවක් නිසා මේ ගින්න ඇතිවූවාද නැතහොත් ගින්නට හේතුව කුමක්දැයි හෙළි කර ගැනීමට අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් කටයුතු කරනු දැකිය හැකිවිය.
පල්ලෙවෙල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



