නිවන්තකචේතිය විදුහලේ හිටපු විදුහල්පති යළිත් එම තනතුරටම


( උපාලි ආනන්ද)

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගයක් ප‍්‍රකාරව  අනුරාධපුර නිවත්තෙචිතිය මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුණාරත්න බංඩාර මහතා වාහාම ක‍්‍රියාත්මක වන පරිදි යළි එම විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත්  කරන බව   පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

මෙම  පත් කිරීමේ ලිපිය සහ  පිටපත් ප‍්‍රධාන අමාත්‍යංශයේ පරිපාලන නිලධාරි පී බී පී බංඩාර මහතා විසින් කරුණාරත්න  බංඩාර මහතාට ශ්‍රේඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට උතුරු මැද පළාත් අධ්‍යාපන  අධ්‍යක්ෂවරියට  සහ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට  යොමු කරනු ලැබ  ඇත.

අනුරාධපුර නිවත්තකෙචිතිය මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුනාරත්න බංඩාර මහතා යළි එම විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් මීට පෙර උතුරු මැද  පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කරනු ලැබීය.

දැනට නිවත්තකෙචිතිය මහ විද්‍යාලයේ විදුහල්පති තනතුර දරමින් සිටින   එස් එම් කුසුම් තිලක් මහතා අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස පත් කරනු ලැබ සිටිති.

නිවත්තකෙචිතිය මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති  ආර් පී කරුනාරත්න බංඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබු මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේ 5 වන වගඋත්තරකාරිය ලෙස නම් කර සිටි  උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ හිටපු ලේකම්   අනුරාධපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් අනෝමා මානෙල් මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුයේ  පෞද්ගලික  මුදලින් රුපියල් 250000 ක වන්දියක් පෙත්සම්කනාර හිටපු විදුහල්පති කරුනාරත්න බංඩාර මහතාට ගෙවන ලෙසයි.

 නීතියට පටහැනිව සිදු කර ඇති  මෙම ස්ථාන මාරුව තුලින් ප‍්‍රධාන අමාත්‍යංශයේ හිටපු ලේකම් අනෝමා මානෙල් මහත්මිය පෙත්සම්කාර විදුහල්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීරණය කරමිනි.
 
ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කලේ තවත් රුපියල් 250000 ක පමණ මුදලක් වන්දි වශයෙන්ද තවත් රුපියල් 50000 ක මුදලක් නඩු ගාස්තු  වශයෙන්ද පෙත්සම්කාර විදුහල්පතිවරයාට ගෙවන ලෙසය මෙම සියළු  වන්දි මුදල් දෙමසක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවටද උතුරු මැද පලාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියට සහ රජයට ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නියෝග කරනු ලැබීය.

ඒ අනුව අදාල වන්දි මුදල් සහ දඩ මුදල් ප‍්‍රධනා අමාත්‍යංශයේ හිටපු ලේකම් අනෝමා මානලේ මහත්මිය සහ රජය විසින් මීට පෙර ගෙවා අවසන් කළේය.

ඊවා වනසුන්දර සිසිර ද ආබෲ සහ නලීන් පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණි.