නිලූක ඉන්දිය ක‍්‍රීඩකයාට සටනක්දී පරදියි
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීය. ඒ අනුව නිලූකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ඉන්දිය ක‍්‍රීඩකයා ජයගත් අතර දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් ජය ලැබීය. ඒ අනුව නිලූක වට තුනක් දක්වා තරගය ගෙන ගියේය. තෙවැනි වටයේදී ඉන්දිය ක‍්‍රීඩකයා ලකුණු 21/9 ක් ලෙස පහසුවෙන් ජය ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
කෙසේ වෙතත් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් නිලූක, පළමු තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය.

