නිලූක - තිළිණි අනිද්දා තරග බිමේ
එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී අද (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලෙට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිට (29) තරග බිමට පිවිසීමට නියමිතය.
එහිදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න හා බැඞ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණි ජයසිංහ අනිද්දා ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියට තරග වදිති.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන නිලූක කේවල පිරිමි තරගයේ මූලික වටයට සහභාගිවන්නේ ජපන් කී‍්‍රඩක කෙන්චි ටැගෝ එරෙහිවය. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ජපන් කී‍්‍රඩකයා අංක අටේ පසුවන අතර නිලූක පසුවන්නේ එම ශ්‍රේණිගත කිරීම් අනුව 48 වැනි ස්ථානයේය. ඒ අනුව ඔහුට මූලික වටය ජයගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ.
ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව 118 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණ ජයසිංහට මූලික වටයේදී කී‍්‍රඩිකාවන් දෙදෙනකු මුණ ගැසේ.
ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ පසුවන තායිලන්ත කී‍්‍රඩිකා රැුමෆාක් ඉන්ටැෆෝ හා 73 වැනි ස්ථානයේ පසුවන පෘතුගාල කී‍්‍රඩිකා තෙල්මා සැන්ටෝස්ය.
ලබන ඉරිදා (29) ශ්‍රී ලංකා පිහිනුම් කී‍්‍රඩක හේෂාන් උණම්බුව මීටර් 100 පසුපස ආර පිරිමි ඉසව්වේ මූලික වටයට සහභාගි වේ.
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ හත් දෙනෙක් ඇතුළත්ව සිටිති. ලන්ඩන් නුවරදී ඔලිම්පික් උළෙල පැවැත්වෙන තෙවැනි අවස්ථාව මෙයයි. අවසන් වරට 1948 දී ලන්ඩන් නුවරදී පැවැති ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක ඩන්කන් වයිට් යාර 400-කඩුලූ මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව දිනාගත් පළමු ඔලිම්පික් පදක්කමද විය.
ලන්ඩන් නුවරදී අද ආරම්භ වන 30 වැනි ඔලිම්පික් උළෙල ලබන අගෝස්තු 12 වැනිදා දක්වා පැවැත්වේ.

