නිල්වලාව පිටාරේ
මහා වැස්සෙන් නිල්වලා ගඟ හා අතු ගංගා උතුරා මාතර මුලටියන, මාතර අකුරැස්ස ඇතුළු මාර්ග රැසක් යටවිය. නිවාස 56කට පමණ හානි සිදුවිය. පවුල් 331ක 1655 දෙනකු අවතැන් වී නෑ හිතවතුන්ගේ නිවෙස්හි සිටිතියි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති. බෙහෝ තැන්හි විදුලිය ද නැත.

