නිල්වලා ගඟේ වේල්ලක් කපා ගං වතුර බස්සයි


(සිරංගිකා ලොකුකරවිට)

දින කිහිපයක් ගතවුවත් ගංවතුර බැස නොයාම නිසා  නිල්වලා ගඟේ වේල්ල කැපීමට තීරණය කළ බව ගාල්ල මාතර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය පවසයි. 

නිල්වලා ගග මුහුදට වැටෙන ස්ථානට ඉහළින් ගඟේ නැම්මක් පිහිටා ඇති ප්‍රදේශයේ දකුණු පැත්තේ මෙම වේල්ල පිහිටා ඇත. 

ජීවිත බිළිගනිමින් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි කරමින් ගම්බිම් වනසමින් ප්‍රචණ්ඩව ගලාගිය නිල්වලා ගඟේ මෝයකට ආශ්‍රිත ප්‍රදේශයේ තත්වය අද (31)  වාරිමාර්ග ඉංජිනේරුවරු පරීක්ෂා කළහ.

 

 

නිල්වලා ගඟේ අද තත්ත්වය